ශ්‍රී ලංකා ධරණී තල සුපතල
රුහුණු පුරවරේ දිනකර සේ
නවෝදයේ රන් කිරුළ පැළැදගත්
අප විදුහල් මෑණී...//
ශාන්තමේරී විදුහල් සෙවනේ
අප සැම එක මවකගෙ දරුවෝ
ගණීත මිණිත සැම දහම් අමා
ඉගෙන ගනිමු සිව් සැටක කලා
සැදී සැදී එක ලෙසේ නිරන්තර
ජය ටැඹ වෙත ගෙන යමු මෑණී...//
ශාන්ත මේරී විදුහල් සෙවනේ
අප සැම එක මවකගෙ දරුවෝ
ශ්‍රී ලංකා ධරණීතල සුපතල...
කෙලි නළු දස්කම් නිතර පෙනේ
රුහුණු පුරෙන් ලක එළිය ගෙනේ
ආගම් කුල මල භේද අතැර දා
ජයටැඹ වෙත ගෙන යමු මෑණී...//
ශාන්ත මේරී විදුහල් සෙවනේ
අප සැම එක මවකගෙ දරුවෝ
ශ්‍රී ලංකා ධරණී තල සුපතල...//